logo.jpg
logo.jpg

Tamil

Language tab English 1

Image

දැක්ම

රාජ්‍ය යාන්ත‍්‍රණයේ සංවර්ධන හා මෙහෙයුම් සහ සියලු ව්‍යාපාර ක්‍ෂේත‍්‍රයන්හි ප‍්‍රවර්ධනයන් නිර්මාණාත්මකව සන්නිවේදනය කිරීම තුළින් ප‍්‍රචාරණ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වීම.

මෙහෙවර

නිපුණත්වයෙන් හෙබි වඩාත් නිර්මාණශීලී හා දිරිමත් පුද්ගල සහය භාවිතා කරමින් උපක‍්‍රමශීලිත්ව මෙන්ම උසස් තලයේ තාක්‍ෂණය ද නිර්මාණාත්මකව උපයෝගී කරගනිමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා සන්නිවේදන සහ වෙනත් නිර්මාණශීලී ප‍්‍රචාරාත්මක අනගි සේවාවක් සැපයීම තුළින් ශ‍්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය සහ දේශපාලන සංවර්ධනය සඳහා සකී‍්‍රයව දායක වීම.

වර්තමානය වන විට “සැලසිනෙ රූපවාහිනී ආයතනය” තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශය යටතේ ඇති රජය සතු එකම ප්‍රචාරක ආයතනයයි. තවද මුලු මහත් ප්‍රචාරණ ක්‍ෂත්‍රයම ආවරණය කරමින් මුද්‍රණ ක්‍ෂත්‍රයේ සිට ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවල වැඩසටහන් සහ දැන්වීම් ප්‍රචාරණය දක්වා සියලුම මාධ්‍යන් ආවරණය කරමින් පෞද්ගලික සහ රාජ්‍ය යන අංශ දෙකටම සේවාවන් සපයමින් ජයග්‍රාහී ගමන් මගකට අවතීර්ණ වි සිටී.

රාජ්‍ය ආයතන සැලසිනේ රූපවාහිනී ආයතනය සමග ප්‍රචාරණයට සම්බන්ද කුමණ හෝ කටයුත්තක් කිරීමේදී ඔවුන්ට ලැබෙන සුවිශේෂී වාසිය නම් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සැලසිනේ සමග කටයුතු කල හැකි විමයි.

Image

බන්දුල ගුණවර්ධන මහතා

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය

Image

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය

web-site-bottom-logo-1new-2.jpg
© Copyright 2020 Salacine. All Rights Reserved.

Search