logo.jpg
logo.jpg

Tamil

Language tab English 1

ඉතිහාසය

රූපවාහිනී කර්මාන්තය සඳහා අවශ්‍ය වැඩසටහන් නිෂ්පාදනය කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිෂ්පාදන ආයතනය ලෙස 1982 පෙබරවාරි 02 වන දින ප්‍රතිපත්ති සැලසුම් කිරීමෙ අමාත්‍යංශය යටතේ “සැලසිනෙ” රූපවාහිනී ආයතනය ස්ථාපනය කරන ලදී. “සැලසිනෙ”  ආයතනයේ නිර්මාතෘවරයා වන්නේ ආචාර්ය වික්‍රම වීරසුරිය මහතායි. විශේෂයෙන්ම මෙම ආයතනයෙහි මූලික අරමුණ වූයේ "මහවැලි කඩිනම් සංවර්ධන වැඩසටහන" පිළිබඳව ජනතාව දැනුවත් කිරීමය. ඉඩම්, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය දැව සංස්ථාව මෙම ප්‍රචාරණ ක්‍රියාවලිය සඳහා මානව හා මුල්ල්‍ය සම්පත් ලබා දී ඇත. 1988වර්ෂයේදී විශේෂ ගැසට් නිවේදනයක් යටතේ "සැලසිනෙ" ප්‍රතිපත්ති සහ සැලසුම් අමාත්‍යංශය යටතේ දියත් කරන ලද "ජනසවිය" වැඩසටහනේ ප්‍රචාරක කටයුතු ද අත්පත් කර ගෙන ඇත.1994 දී යෞවන කටයුතු, ක්‍රීඩා හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගෙන ඇති “සැලසිනෙ” ආයතනය ඉන්පසු 1999දී තැපැල්, විදුලි සංදේශ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය. 2001 වර්ෂයේ සිට “සැලසිනෙ” ආයතනය ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ විෂය පථයට පවරා තිබේ. එතෙක් මෙතෙක් ඉතිහාසයේ “ සැලසිනෙ” අභිමානවත් ගමන් මගට දායකත්වය ලබා දුන් ප්‍රමුඛයන් “සැලසිනෙ” ප්‍රෞඩත්වය කියාපානු ලබයි.

Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
web-site-bottom-logo-1new-2.jpg
© Copyright 2020 Salacine. All Rights Reserved.

Search